ඇලපාත කොට්ඨාස අධ්‍යාපන කාර්යාලයීය වෙබ් අඩවියට සාදරයෙන් පිළිගනිමු.

පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ තුමාගේ පණිවිඩය

අද දින ඇලපාත කොට්ඨාස අධ්‍යාපන කාර්යාලය මඟින් සකස්කර දොරට වඩින නව වෙබ් අඩවිය දියත් කිරීම නිමිත්තෙන් සුබ පැතුම් එක් කිරීමට ලැබීම සතුටකි.

අනාගත ලෝකයට ඇවැසි මිනිසා වත්මන් පන්තිකාමරය තුළ නිර්මාණය කිරීම අධ්‍යාපන පද්ධතිය තුළ පවත්නා ප්‍රබල වු අභියෝගයයි.වත්මන් දරුවාගේ ලෝකය විචිත්‍ර  වු ශ්‍රව්‍ය දෘශ්‍ය උපාංගවලින් පිරී පවතී.එය අතික්‍රමණය  කළ හැකි උපාය මාර්ග අධ්‍යාපන පද්ධතිය සතුවේ නම් දරුවාගේ විශ්වාසය දිනා දෙන සාර්ථක සේවයක් සැපයීම පහසු වේ.ඒ සඳහා අධ්‍යාපන ක්ෂේත්‍රයේ සෑම ස්ථරයක්ම නවීන තාක්ෂණ භාවිතයෙන් සන්නද්ධ විය යුතු බව පිළිගත යුතු කරුණකි.

විවිධ විද්‍යුත් උපාංග මඟින් ලෝකය තනියායක් වෙමින් පවතින අතර  අවශ්‍ය පහසුකම් ප්‍රමාණවත් නොවුවද නවීණ තාක්ෂණය අප විසින් ප්‍රතික්ෂේප නොකළ යුතු මෙවලමකි.අනාගත ලෝකයට අවැසි නිසා මිනිසා නිර්මාණයවීමේදී තාක්ෂණමය ඌන පෝෂණයට ලක්වීම එමඟින් වැළකී යනු ඇත.

ඒ අනුව ඇලපාත කොට්ඨාස අධ්‍යාපන කාර්යාලය මඟින් ගනු ලබන මෙම වෑයම කාලෝචිත හා අත්‍යවශ්‍ය වුවක් ලෙස මම දකිමි.තොරතුරු තාක්ෂණය , සන්නිවේදන මෙවලමක් ලෙස භාවිතා කිරීමේ දී එහි සියලු ප්‍රතිලාභයන් හිමිවන්නේ මුළුමහත් ශිෂ්‍ය ප්‍රජාවටමය. එහි මියුරුඵල හෙට දවස උදෙසා අප නිර්මාණය කරන දරු කැලට අනාගත ලෝකය දිනන්නට ශක්තියක් වේවායි ප්‍රාර්ථනා කරමින් මෙසේ සුභාශිංෂණ එක්කරමි.

 සේපාල කුරුප්පුආරච්චි,

 පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක,  

 පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව,

 ගැටන්ගම

 

කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ තුමාගේ පණිවිඩය

ඇලපාත අධ්‍යාපන කොට්ඨාසය මගින් අද දින දොරට වඩිනා වෙබ් අඩවියට මාගේ උණුසුම් සුබ පැතුම් පළ කරමි. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට එක්වු මූලික නිපුණතා අතරෙහි සාක්ෂරතා නිපුණතාවට අදාළව තොරතුරු තාක්ෂණ ප්‍රවීණත්වය ලැබීම අත්‍යවශ්‍ය වේ. ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේදීත්, සේවා පරිභෝජනයේදීත් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය උපයොගී කර ගැනීම එහි අපේක්ෂිත අරමුණු වලට ගැනේ.

මේ නිපුණතාව සාක්ෂාත් කර ගැනීමේ අරමුණින් විශ්ව විසිරි වියමනට (www) පිවිසීමට අතුරු මුහුණතක් මගින් ජාලකරණයට පිවිසීම ඇලපාත කොට්ඨාසය ලැබූ යෝධ පියවරක් ලෙස සඳහන් කරමි.

පාසල් පද්ධතියට අයත් භෞතික හා මානව තොරතුරු එක්රැස් කර ගැනීම යාවත්කාලීන කිරීම , හුවමාරු කිරීම මෙමගින් පහසු වන අතර ඵලදායීතාවය හා කාර්යක්ෂමතාවය සුරැකෙනු ඇත.

ඇලපාත අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් පද්ධතියේ පවතින ගුරු හිඟය වැනි ගැටළු විසදා ගැනීම සඳහාත් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සඳහා උපකාර කර ගැනීමටත් යූ ටියුබ් චැනලයක් ඇරඹීමද අගය කරමි.

තොරතුරු සන්නිවේදන තාක්ෂණය හා අත්වැල් බැඳගනිමින් යන මේ ගමනේදී අධ්‍යාපන සංවර්ධනය තුළින් ඇලපාත අධ්‍යාපන කොට්ඨාසය නිවිතිගල අධ්‍යාපන කලාපය තුළ දිදුළන නමක් තබනු ඇතැයි මගේ හැගීමයි.

ඩී.එම්.මද්දුම බණ්ඩාර,

කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ,

කලාප අධ්‍යාපන කාර්යාලය,

නිවිතිගල.

 

කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂතුමියගේ පණිවිඩය

තොරතුරු සන්නිවේදන තාක්ෂණයත් සමඟ අත්වැල් බැඳගත් ලෝකයක දූපත් මානසිකත්වය තුළ අතරමංවීම අධ්‍යාපනයේ  ගුණාත්මක සංවර්ධනයට බාධාවකි.සමාජය ඉල්ලා සිටින අධ්‍යාපන සේවාව ලබාදීමට අප අපොහොසත් වන්නේනම් එය තවදුරටත් වලංගු සේවාවක් නොවනු ඇත.දරුවන්ට ඉගෙනුමට  ඉගෙනීම සඳහා අවස්ථා උදාකර දීම අධ්‍යාපන පද්ධතියේ කොටස්කරුවන් වන අප සියලුදෙනාගේම වගකීමය.

ඇලපාත අධ්‍යාපන කොට්ඨාසය සඳහා වෙබ් අඩවියක් නිර්මාණය කිරීමේ අදහස ඇලපාත කොට්ඨාසයේ අධ්‍යාපන සංවර්ධන දර්ශකයන් නිරීක්ෂණය කිරීමේ දී පිළිසිඳගත්තකි.භෞතික හා මානව සම්පත් ඌනතා අවම කර ගැනීමෙන් එකිනෙකාට උපකාර කර ගනිමින් අපි වෙනුවෙන් අපි    යන තේමාව ඔස්සේ අප යන  ගමන ඒ තුළින් කාර්යක්ෂම හා  ඵලදායි කළ හැකි බව පසක් කළෙමි.විශේෂයෙන්ම අප විසින් ආරම්භ කළ යු ටියුබ් චැනලය ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සඳහා මහඟු දායකත්වයක් සපයනු ඇත.

තොරතුරු සන්නිවේදන හා තාක්ෂණය හරහා එකිනෙකා හා බැදෙමින් ලෝකය දිනන්නට වෙර දරන දරුවන් මෙහි පූර්ණ උරුමකරුවෝය.අද අපි ඔවුන්ගේ හෙට දවස නිර්මාණය කරමින් සිටිමු.ඒ සඳහා ගනු ලබන මේ වෑයම මල්ඵල ගන්වන්නට සවියක් වු සිනිදු සිත් , සිළිටි අත් සිනා දී සිහිපත් කරමි. විශේෂයෙන්ම නිවිතිගල පරිගණක සම්පත් මධ්‍යස්ථානයෙන් මේ සඳහා දැක්වු සහයෝගය අගය කළ යුතුය. ඇලපාත අධ්‍යාපන කොට්ඨාසයට  උදාකරගත යුතු වු සුබ අනාගතයක පෙර නිමිති දකිනු රිසියෙන් මා සමඟ අත්වැල් බැඳගත් ඔබ වෙත ද මෙසේ කෘතවේදීත්වය ඵල කරමි.     

 එල්.එස්.වී.ලියනගේ,

 කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂක,  

 කොට්ඨාස අධ්‍යාපන කාර්යාලය,

 ඇලපාත.

 

නියෝජ්‍ය විදුහල්පතිවරුන්ගේ ධාරිතා සංවර්ධන වැඩසටහන – ඇලපාත අධ්‍යාපන කොට්ඨාසය

ඇලපාත අධ්‍යාපන කොට්ඨාසයේ පාසල්වල නියෝජ්‍ය විදුහල්පතිවරුන්ගේ ධාරිතා සංවර්ධන වැඩසටහන 2019.11.14 වන දින ඇලපාත මධ්‍ය මහා විද්‍යාලයේදී..

Read More

ඇලපාත අධ්‍යාපන කොට්ඨාසයේ සියළුම පාසල් සඳහා වෙබ් අඩවි සැකසීමට පියවර

ඇලපාත කොට්ඨාස අධ්‍යාපන කාර්යාලයීය වෙබ් අඩවිය හා එක්ව එම කොට්ඨාසයේ සියළුම පාසල් සඳහා වෙබ් අඩවි සැකසීමට පියවර ගෙන තිබේ. මේ සඳහා වන විශේෂ වැඩසටහනක් 2019ග11ග21 වන දින ඇලපාත මධ්‍ය මහා විද්‍යාලයේ දී පැවැත්වේ.

Read More

පාසල් සඳහා වෙබ් අඩවි සැකසීම

ඇලපාත කොට්ඨාසයේ සියළුම පාසල් සඳහා වෙබ් අඩවි සැකසීමට පියවර ගෙන ඇති අතර ඔබගේ පාසල සඳහා www.elapathadivi.net/yoursubdomain ලෙස සුදුසු උප වසමක් තෝරාගන්න. මේ සඳහා වන විශේෂ වැඩසටහනක් 2019.11.21 වන දින ඇලපාත මධ්‍ය මහා විද්‍යාලයේ දී පැවැත්වේ.

Read More
October 2020
M T W T F S S
« Mar    
 1234
567891011
12131415161718
19202122232425
262728293031